New to Nutbox?

කැමේලියා Surpirse!

3 comments

prasadi
70
yesterdaySteemit2 min read

806CD98C-3131-4B8C-B7B4-25B2D6D5CA73.jpeg

Book fair උණුසුමත් එක්ක ගොඩාක් පොත් කරලියට ආවා. හැබැයි මං ළඟ කියවන්න කියල කිසිම පොතක් නෑ. ආසාවට order එකක් දාපු පොතත් මට ආවෙ නෑ. ඉතින් ඔන්න ඔහොම ඉන්නකොට තමයි මගෙ උපන්දිනේ ආවෙ. මං උපන්දින වලට ගොඩාක් කැමතියි මොකද මට තෑගි ගොඩාක් වගෙම ආදරේ ගොඩකුත් එදාට ලැබෙන නිසා. ඉතින් bday එකෙන් ටික දවසක් ගියාම තමයි මං නිකමට වත් හිතුවෙ නැති ඒත් කියවන්න මඟ බලන් හිටිය කැමේලියා සහ කියවලා තිබුණ මැයි මාර ප්‍රසංගය surpirse එකක් විදියට මට ලැබුණෙ. මගෙ හොඳම යාලුවා සහනුයි එයාගෙ girl friend තාරුකායි තමයි මට මේක එවල තිබුණෙ. කැමේලියා කියවන්න මඟ බලාගෙන ඉන්නකොටම කැමේලියා මගෙ අතට ආව එක ලොකු සතුටක් වුණා.

E40FEF28-E4B9-4A2B-A395-C730301A9879.jpeg

කැමේලියා කියන්නෙ මේ වසරෙ ස්වර්ණ පුස්ථක සම්මානය දිනාගත්ත, විරාජිනී තෙන්නකෝන් කියන කතුවරිය ලිව්ව ගොඩාක් ජනප්‍රිය වුණ පොතක්. මේ පොත ලියවෙන්නෙ ඉංග්‍රීසි පාලන සමයෙ වතුකරයට ඉන්දියාවෙන් ආව දෙමළ මිනිසුන්ගේ ඉතාම කටුක ජීවන අරගලය ගැන. ඒ කාලෙ තේ වලින් විශාල ආදායම් ලබපු වතුහිමියො වගෙම ඉංග්‍රීසි ආණ්ඩුවත් තමන්ට සේවය සපයපු මේ මිනිසුන්ගෙ ජීවිත ගැන කිසිම තැකීමක් නොකරනවා වගෙම ඉතාම අඩු ජීවන තත්වයක්, සීමිත පහසුකම් යටතේ මේ අහිංසක වතු කම්කරුවන්ගෙ ශ්‍රමය සූරාකෑමට ලක්වෙනවා. දැන් කියලා තත්වය ලොකු වෙනසක් නෑ.

ඔවුන්ගෙ ජීවිත වලට කිසිම වටිනකමක් නොලැබෙනව වගේම ඉතම සුලු කාරණයකදි පවා තමන්ගෙ හාම්පුතුන්ගෙන් මරණය පවා ලැබෙන්න පුලුවන් බව දැනගෙන ඔවුන් ජීවත් වෙනවා. ඔවුන්ගෙ දුක වේදනාව අපිව කම්පා කරන සුලුයි. අතිශයෝක්තිය යම් පමණකට තිබුණත් මේ කතාව හරිම ආකර්ශණීයයි. කියවලා ඉවර වෙනකම්, රෑ ඉඳන් උදේ වෙනකම් කියවන්න හිතෙන තරම් හරිම ආකර්ශණීයයි.

අවුරුදු ගාණක් ගතවෙලත් එදා වගෙම අදත් ඔවුන් වතුකරයෙ අවම පහසුකම් සහිතව තමන්ගෙ දහඩිය, මහන්සිය කැපකරනවා. කැමේලියා අවසන් වෙන්නෙ සතුටුදායක අවසානයක් එක්ක. ඒත් ඒ කතාවට විතරයි. ඇත්ත ජීවිතේට ආවම එයාල තවමත් දුක් විඳිනවා. අවමන් විඳිනවා. මේ ගැන මට තියෙන පෞද්ගලික අත්දැකීම් එක්ක මට කවදාවත් සතුටු වෙන්න බෑ එයාලගෙ ජීවිත ගැන. පාසල් යන වයසෙ ළමයි පවා පුංචි කම්කරුවො වෙලා ඉන්න ලෝකයක් එක.

එයාලට හොඳ ලෝකයක් ඉක්මනින් උදාවෙයි කියලා මං බලාපොරොත්තු තියන් ඉන්නවා! ඔයාලත් කැමේලියා කියවන්න ❤️

Comments

Sort byBest