New to Nutbox?

ලෝක කුසලාන සිහිනය බිදවැටෙයි

2 comments

damindu
70
2 months agoSteemit2 min read

1000097120.jpg
source

ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයින්ගේ ලෝක කුසලානයක සිහින තව දුරටත් දීර්ඝ කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ තරඟයෙන් පසුව නිල වශයෙන් තරගාවලියෙන් ඉවත් වුණා.ඒ ඉන්දියාව අතර පැවැති තරගය පරාජය වීමත් සමඟයි.ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පසුගිය වසර තුළ ලබාගත් ජයග්‍රහණ සහ චමරි ඇතුළු සියලුම ක්‍රීඩකාවියන්ගේ ශීඝ්‍රයෙන් ලැබූ පිබිදීමත් සමඟ ක්‍රිකට් රසිකයින්ගේද කාන්තා ක්‍රිකට් තරඟ නැරඹීමේ උනන්දුව තව තවත් වැඩි වුණා.එය මනාව ඔප්පු කළේ පසුගිය ආසියානු කාන්තා ක්‍රිකට් තරගාවලියයි.ශ්‍රී ලංකාවේ පැවැත්වුණු එම තරගාවලියට විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබුණු අතර අපේ ක්‍රීඩකාවන්ගේද දක්ෂතා හොඳින් දැක බලාගන්න පුළුවන් වුණා.එහිදීත් තරුණ කීඩිකාවක් වන හර්ෂිතා සහ විශ්මි තම දක්ෂතා මනාව පෙන්වූ අතර නායිකා චමරි අතපත්තුද තම වගකීම මනාව ඉටු කළේ ආසියානු කාන්‍තා කුසලනයක පහස ක්‍රිකට් රසිකයින්ට ලබා දෙමින්.ඒ අනුව ඉන්දියාව ,පකිස්තානය අතර තරග ශ්‍රී ලංකා කීඩිකාවන්ගේ දක්ෂතා පෙන්වමින් ජයගත් අතර ලෝක කුසලානයට ද පකිස්ථානය සහ ඉන්දියා කණ්ඩායම අතර තරග මූලික වටයේදීම යෙදී තිබුනා.

කෙසේ නමුත් ක්‍රීඩාවේ අවිනිශ්චිතතාව හොදින් ඔප්පු කරමින් එම තරග දෙකම අවාසනාවන්ත ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවුණා.පකිස්ථාන කණ්ඩායම අතර තරගයේ ජයගැනීමට අවස්ථාව තිබුණු නමුත් අපේ ක්‍රීඩකාවන්ගෙන් සිදුවූ අතපසුවීම් සහ සුළු සුළු අත් වැරදි නිසා ඒ තරඟයද පරාජය වීමට සිදුවුණා.ඉතින් ක්‍රීඩාව කියන්නේ කොහොමත් මේ වගේ තමයි.ජය පරාජය සමසේ දරාගැනීමට ක්‍රීඩිකාවන් වගේම රසිකයින් අපිත් දැනගත යුතුයි.ඉතින් ඔවුන්ට ඊළඟ තරග ජයගෙන ලෝක කුසලානයක් ඉක්මනින් ලබා ගැනීමට හැකි වේ යැයි ක්‍රිකට් රසිකයින් විදියට අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි බලමු මේ පාර ලෝක කුසලානය ගියවර වගේ ඕස්ට්‍රේලියාවම ලබාගනීවිද නැත්නම් අලුත් ලෝක ශූරියන් පිරිසක් අපිට බලාගන්න පුළුවන් වෙයිද කියල.

Comments

Sort byBest