New to Nutbox?

පස්වන සිරිපා කරුණාව ☸️🌻

6 comments

chathux
64
last monthSteemit3 min read

හැමෝටම සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි හැමෝම පරිස්සමින් සතුටින් ඉන්නවා ඇති කියලත් මම හිතනවා. මාස ගානකට පස්සේ අද තමයි මම steemit එකේ අලුත් දෙයක් පල කරන්න යන්නේ.

ඉතින් life එකේ තියෙන කාර්‍යබහුලත්වය සහ job එකත් එක්ක තියෙන කාර්‍යබහුලත්වය නිසා මට මාස ගානක්ම steemit එක මග ඇරුනා. කොච්චර ලියන්න උනන්දුවෙන් හිටියත් හැමතිස්සෙම වගේ ඒ දේවල් මග ඇරෙනවා. ඒ කොහොම උනත් අද මම ලියන්න යන්නේ මේ පාර සිරිපාදේ ගමන ගැන.

77F7EF44-5263-48AC-A9FA-B74B40A0F33B.jpeg

සිරිපාදේ කරුණා කරන්න යනවනම් කොහොමත් plan කර කර යන්න හොද නෑ. එහෙම උනොත් නම් හැබැයි යන්න වෙන්නෑ. අපිටත් ඉතින් එහෙම තමා උනේ. Plan කර කර හිටියේ නෑ, අපිට යන්න ඕනේ කියලා හිතේ තිබුන නිසා මට තියෙන නිවාඩු දවසේ තමා අපි ගියේ.

අපි තීරණය කලේ හැටන් පැත්තෙන්ම කරුණා කරලා නැවත හැටන් හරහාම එනවා කියලා. ඒ නිසාම අපි හැටන් වලට කොච්චියෙන් යන්න තීරණය කලා. සදුදා දිනයක අපි මේ ගමන ගියපු නිසා අපි හිතුවේ කොච්චියේ සෙනග නැතුව ඇති කියලා. ඒ උනාට අපි හිතුවට වඩා සෙනගක් එදා කොච්චියේ යන්න හිටියා. අපි 2nd Class එකට ටිකට් ගත්තත් අපිට සීට් එකක් අල්ල ගන්න බැරි උනා. අපි දෙන්නත් එක්ක හැටන් වලට යනකන් දොර ගාව වාඩි වෙලා තමා ගියේ 🙂 ඒ උනාට එක අවුලක් උනෙත් නෑ මොකද අපි වට පිටාව හොදට බල බල යන්න පුලුවන් උනා ඒ නිසා.

A510281F-D34D-4FEF-9B7D-DC87EA9482A7.jpeg

කොළඹ කොටුවෙන් උදේ 8.45ට පිටත් වුන දුම්රිය හැටන් වලට එනකොට හවස 3 විතර වුනා. ඊට පස්සෙ හැටන් වල ඉදන් නල්ලතන්නියට යන්න වුනේ බස් එකෙන්. මේකෙත් අපිට හිටගෙන තමා යන්න වුනේ 🙂 ඊට පස්සේ අපි නල්ලතන්නියට ගිහිල්ලා එතන තිබුන කඩේකින් කෑවා. ඊට පස්සේ සීත ගගුලෙන් අපි සෝදගෙන පිරිසිදු වුනා. ඊට පස්සේ අපි අපිට අවශ්‍ය කරන බඩු ටික විතරක් එක බෑග් එකකට දාගෙන අනිත් බඩු ඔක්කොම එතන තිබ්බ කඩේකින් තියලා තමා ගමන ආරම්භ කලේ.

IMG_2850.jpeg

අපි හවස 5.45 විතර තමා ගමන ආරම්භ කලේ. සදුදා දවසක් වෙච්ච නිසා ලොකු සෙනගක් අපිට උඩදි හම්බුනේ නෑ. අපි රෑ 12 වගේ වෙනකොට උඩමලුවට කරුණා කරා. නැවත අපි දෙන්නා පහලට බහින කොට උදේ 8 විතර උනා. ඊට පස්සේ අපි දෙන්නා උදේ කෑම අරගෙන නැවතත් කොළඹ එන්න පිටත් වුනා. යනකොට කොච්චියේ ගියාට එනකොට අපි බස් එකේ තමා ආවේ මොකද කොච්චියේ යන්න බලාගෙන ලොකු සෙනගක් හිටපු නිසා. අපි හවස 4 වගේ වෙනකොට නැවත නිවසටත් ආවා.

0B4A6F4A-C8ED-41C2-9090-B7C2F8F48938.jpeg

ඉතිං සිරිපාදේ මේ පාර කරුණා කරද්දි දකින්න ලැබුන දෙයක් තමයි විශාල වශයෙන් කුණු සහ අපද්‍රව්‍ය එකතු වෙලා තිබුන එක. ඒ වගේම තමයි තැන තැනින් එන මුත්‍රා ගද. අපේ මිනිස්සුන්ට සිරිපාදේ වගේ උතුම් ස්ථානයකට ගිහිල්ලත් ඒ තැන විනාස නොකර එන්න බෑ. ඒ තරම් මිනිස්සුන්ගේ විනය පිරිහිලා මේ රටේ. අන්තිමට ඒ කුණු පහලට ගේන මිනිස්සු විදින්නේ පුදුම දුකක්. ඉතිං ඔයාලත් සිරිපාදය කරණා කරන්න යන්න හිතාගෙන ඉන්නවනම් අරගෙන යන දේවල් ඒ වාගේම ආපහු ගෙදර අරන් එන්න කියලා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා.

Comments

Sort byBest