New to Nutbox?

The Green Mile

0 comments

ayesha98
64
3 days agoSteemit2 min read

1000131430.jpg
source

ඉතින් හැමෝම පරිස්සමින් ඇති කියලා හිතනවා.අද ලියන්න යන්නේ english movie එකක් ගැන.ඇත්තටම මටම පුදුමයි කොහොමද මට මේක ලියන්න මිස් උනේ කියල. මගෙන් කවුරුහරි ඇහුවොත් මොකක්ද බලපු සංවේදීම movie එක කියල.ආයෙත් ඒක ගැන අමුතුවෙන් මට හිතන්න අවශ්‍ය නැහැ , ඒ තමයි The Green Mile.මම දන්නෙ නෑ මට ඒක කොච්චර feel උනාද කියනවනම් තුන් පාරක් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් වුන movie එකක් තමයි මේ.ඉතින් ගොඩක් ෆිල්ම් එක පාරක් බැලුවහම ඒකෙ අවසානය ගැන දැනගත්තාම ඒක ආයෙත් පාරක් බලන්න හිතෙන්නේ නැහැනේ , නමුත් මේකෙ අවසානය කලින්ම දැනගෙන සිටියත් පළවෙනි පාර බැලුවා වගේම හැඟීමක් ඊළඟ පාර ආයිත් පාරක් කිහිප පාරක් බැලුවත් ඒ විදියටම දැනෙන දුර්ලභ ගනයේ movie එකක් තමයි මේක.

1999 නිකුත් වූ මේ ෆිල්ම් එකට imdb 8.6ක ඉතා ඉහළ අගයක් ලැබිලා තියෙනවා.ඉතිං කතාව ගැන පොඩි සාරාංශයක් දෙන්නම්.ගැහැණු ළමයි දෙදෙනෙක් දූෂණයක් කරලා මරා දැමීමේ වරදට උස මහත කළු නිග්‍රො ජාතිකයෙක්ට දඬුවම් ලැබෙනවා.ඉතින් මේ පුද්ගලයා වන්දනාකාරයට ගෙනාවට පස්සේ නිලධාරීන්ට තේරෙනවා මේ මිනිසාට අමුතු බලයක් තියෙනවා කියලා.එතනින් එහාට කතාව ගැන නොකියා ඉන්නම්.මොකද ඊට එහාට කියන්න ගියොත් කතාව බලලා නැති කෙනෙක්ට ඒක රසය නැතිි වෙනවා.ඉතින් කිසිම සැකයකින් තොරව නම් කරන්න පුළුවන් සුපිරිම ගණයේ ෆිල්ම් එකක් තමයි මේ.ඒ වගේම අවසානයේදී ඕනම කෙනෙක්ගේ ඇහැට කඳුළක් ගේන්න පුළුවන් සංවේදී movie එකක් තමයි මේ.ඉතින් ඔයාලත් මේක බලල තියෙනව ඔයාලගේ අදහස් ලියාගෙන යන්න මතක් කරන්න එපා.

Comments

Sort byBest