New to Nutbox?

Montage - Our Welcome Party

2 comments

ashen99
67
yesterdaySteemit2 min read


image.png

හලෝ හලෝ කොහොමද ඉතින්. අද ආටිකල් එකෙන් මන් කතා කරන්න හිතුවෙ මේ දවස් ටික ගෙවුණු විදිහ ගැන. පෝය නිවාඩුවකුත් තිබුන නිසා ගෙදර ගිහින් ටික දවසක් ඉන්න පුලුවන් වුණා. ඒ නිසා හොදයි ගොඩක් දවස් බෝඩිමටම වෙලා හිටිය නිසා කරිම පාලුවෙන් කම්මැලිකමේ හිටියෙ. ගෙදර ගිහින් ආවට පස්සෙ ඒක හරි. මන් බදාදා උදේම ගිහින් ඉරිද ගොඩක් හවස් වෙලා ආපහු ආවෙ. දවස් 4 ක් ගෙදර හිටියා. එද්දි අම්මා යාලුවෝ එක්ක කන්න කෑම එකකුත් හදලා දුන්නා. එදා ගොඩක් ළමයි ගෙදර ගිහින් ආව නිසා කෑම ගොඩයි. කට්ටියම කැම්පස් එකට ඇවිල්ලා කාලා බෝඩිම්වලට හොස්ටල් වලට ගියා. මාත් ඉතිම් මගෙ බෝඩිමට ආවා. ඊට පස්සෙ කාමරේ හොදට අස් කරලා නාලා එහෙම නිදාගත්තා. ඊලග දවසෙ උදේම ලෙක්චර් එකක්. උදේ 8 ට 🥲. උදේම ලෙක්චර්ස් දාන එකනම් මන් අකමැති ම දෙයක්. උදේට සැපට නිදාගන්න තියෙන වෙලාවනෙ අඩු වෙන්නේ 🤭🤭. ඊට පස්සෙ ඉතින් ලෙක්චර් එක ඉවර වෙලා පොඩි වැඩ ටිකක් කරා.


image.png

4th year එකෙන් අපිට මොන්ටාජ් එක දෙනවා. මේ මාසෙ 30. ඒකට අපි කට්ටිය item එකක් පුරුදු වෙන්නත් ඕනි. ඒකට ඕන මියුසික් ට්‍රැක් එක හැදුවා. ඊට පස්සෙ ඒ වැඩේ ඉවර වුණ ගමන්ම. ඩිපාට්මන්ට් එකේ යූ ටියුබ් චැනල් එකේ වීඩියෝ එකක් එඩිට් කරා. සර්ලා දෙන්නෙකුත් හිටියා. මන් ඒ වැඩ ඉවර කරලා බෝඩිමට යද්දි 8.30 වගේ වුණා. යන ගමන් කෑම එකකුත් අරන් ගිහින් කෑවා. අද ඉතිම් මොන්ටාජ් එකට අදින ඇදුම් හොයන්න ඕනි. අපෙ dress කෝඩ් එක තමා. මොකක් හරි ෆිල්ම් එකක ප්‍රදාන චරිතයක් විදිහට අදින එක. මොකක් හරි ලේසියෙන් හදගන්න පුලුවන් ඇදුමක් අදින්න මන් නම් බැලුවෙ. ආයෙ අපෙ item එක පුරුදු වෙන්නත් ඕනි. 2 වෙනිදා තියෙන ක්‍රිකට් මැච් එකේ වැඩ ලෑස්ති කරන්නත් ඕනි. අද ඉතින් ඔය වැඩ ඔක්කොම කරන්න තියෙනව.හරිම බිසී දවසක් වෙයි. ඒකයි අද ආටිකල් එක උදෙන්ම ලියන්න හිතුනෙ. එහෙනම් තව ආටිකල් එකකින් හෙට හම්බවෙමු.

Comments

Sort byBest