මගේ කවි!

prasadi -

කුඩා දැරියක වෙමි මම
ඔබේ තෙත දෑස් මත
සමනළ පිහාට්ටක් තරම්
සැහැල්ලු කරමි හදවත!

ළදැරියක සේ පුදුමයෙන්
මේ අලුත් ලොව දෙස බලමි
ආගන්තුක සිහිනයන්ටත්
කවුලුවක් ඇර තබමි

සිඟිති සිනාවක හදවත
තබමි ඔබේ මුදු විහිලු මත
කුඩා කල මෙන්ම කෑ ගසා හඬමි වැළපෙමි
හූණු වල්ගා කැඩෙන වරදට

නොතකමි
මුහුණ මත ඇති කැළැල්
සිරුර මත ඇති අඩපාඩු
ඇවිද යමි නිදහසින්
සින්ඩරෙල්ලා තටුවක් පැළඳි
ආඩම්බරකාර සිඟිත්තියක සේ

සුළං රැල්ලක්ව ඉගිල යමි
තුරු හිස් මතින්
හාදු තවරමි කුඩා කල සේම
බිළිඳු පොල්කිචි තටු මත

හෙටත් ඔබ එන විට
ප්‍රීතියෙන් දුවමි පහළට
හිස ඔබමි ඔබ අතැති
මලු වලට
කුඩා දැරියක වෙමි මම
සදහටම
ඔබේ තෙත ඇස් ළඟ...!

මේ මං ළඟදි ලිව්ව මංම ගොඩක් enjoy කරන මගේ කවියක්. මං හිතන්නෙ මෙහෙම කවියක් ලියන්න පුලුවන් වුණ එක ගැන මට හරිම සතුටුයි. Partner කෙනෙන් එන්න කලින් මට ඒ ගැන තිබුණෙ හරිම කරදකාරී,නිදහස නැති වෙනවා, ජීවිතේ අමාරු වෙයි වගේ හැඟීමක්. ඒත් ඊට පස්සෙයි ඇත්තටම තේරුණේ තමන් වෙනුවෙන් හිටහන්න මනුස්සයෙක් ඉන්න එක, ප්‍රශ්න වලට මූණ දෙනකොට කවුරු හරි ඉන්න එක, පුංචිම පුංචි දේවල් පවා මතක තියාගෙන මට ඔයාව මේ තරම් මතකයි කියලා පෙන්නලා මාව සතුටින් පුරවන්න කෙනෙක් ඉන්න එකට කියන්නෙත් නිදහස කියලා. ආදරේ දෙනකොට වගේම ලැබෙනකොටත් හුඟාක් දේවල් හොඳින් සිද්ධ වෙනවා.

මේ කවිය ලියන්න ලැබුණ එකම මට ලොකුම ලොකු සතුටක්! ❤️