New to Nutbox?

මෝඩ නංගි එක්ක රාමෙන්

2 comments

damindu
70
2 months agoSteemit2 min read

1000094264.jpg

ඉතින් යාලුවනේ අද ලියන්න යන්නේ ගෙවපු දවසක් ගැන.වැඩත් එක්ක හිරවෙලා ඉඳලා නිවාඩුවක් බලාපොරොත්තුවෙන් ඉඳපු අපිට study leave එක සතියක් හම්බුනාම එදාම ගෙදර පැනගෙන ආවේ ඔලුව පොඩ්ඩක් නිදහස් කරගන්න හිතාගෙන. Final exam එක නිසාත් තියෙන subjects ඔක්කොම වගේත් පාඩම් කරන්න තියෙන ඒව නිසා ටිකක් කලින් පාඩම් කරන්න පටන් ගන්න වෙනවා කියලා අපිට මේ හිතුණ නිසා දවස් දෙකක් විතර කලින් බෝඩිමට එන්න හිතාගෙන තමයි අපි ගෙවල්වල ගියේ.මොකද අපි සෙට් එකම දන්නවා ගෙදර ගියාම කොච්චර හිතන් ගියත් වැඩක් කෙරෙන්නේ නෑ කියලා.වැඩක් කියන්න ඉතින් පාඩමක්.මාතරින් දැන දැනම පොත් දෙකක් බෑග් එකට දාගෙන අරගෙන ගියත් හිතුව විදිහටම දවස් හතර පුරාවටම කිසිම වැඩක් කරගන්න කරන්න මට හිතුනෙ නෑ.අනිත් එක මාස දෙකක් විතර එක දිගට reports, Assignments , viva එක්ක හෙම්බත් වෙලා හිටපු නිසා පොඩ්ඩක් නිදහසේ ඉන්න එක හොඳයි කියලා මටත් හිතුනා.

ඉතිං ඒ විදිහට මෝඩ නංගිත් එක එක වැඩ කර කර, අම්මත් එක්ක කයිය ගහ ගහ ගොඩක් වෙලාවට කඩේට වෙලා ඒකෙ වැඩ කරගෙන තමයි මං දවස ගෙව්වෙ.ගොඩක් දවස් ඉදන් නංගි රාමෙන් කන්න ඕන කිය කිය හිටියත් අපිට ඒකට වෙලාවක් තිබුණෙ නෑ. Prima එකෙන් ගහන රාමෙන් නූඩ්ල්ස් එක කෑවත් අපිට original එකම කන්න ඕන වුණේ කට්ටිය ගොඩක් recommend කරලා තිබුණ නිසා.ඉතිං ඒ විදිහට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත අපි එදා රාමෙන් නූඩ්ල්ස් එකක් ගෙනල්ලා දෙන්නත් එක්ක කාලා ඒ ආසාවත් සංසිඳුවා ගත්තා.හැබැයි මං හිතුව තරම් සැරක් නම් මට ඒකෙ තිබුණේ නෑ , රසනම් ලොකු අවුලක් නෑ. කොහොම හරි අන්තිමට අපි දෙන්නම තීරණය කළා ආයිත් නම් කන්න ඕන නැහැ කියලා. ඉතිං ඒ විදිහට තමයි අපි දෙන්නගෙ දොලදුක එදා සංසිඳුනේ.

Comments

Sort byBest