New to Nutbox?

බංගලාදේශයේ ක්‍රිකට් වැටීම

0 comments

damindu
70
6 days agoSteemit2 min read

1000114846.jpg
source

ඉතින් අද මට ලියන්න හිතුනා මේ දවස්වල ඉන්දියාව වගේම බංගලාදේශයේ ක්‍රිකට් වලටත් එච්චර හොඳ කාලයක් නෙවෙයි.බංගලාදේශයේ ක්‍රිකට් ඉතා හොඳ තත්ත්වයක තිබුණෙ නැති වුණත් කණ්ඩායම සතුව පරිණත ක්‍රීඩකයින් පිරිසක් ඉන්නවා.ඒ අතර mushfiquer Rahim , Mustafizer, Tamim, Shakib Al hasan කීප දෙනෙක්.ඉතිං එහෙම වෙලත් ඔවුන්ට මේ වෙන තෙක් ලෝක කුසලානයක අවසන් තරගයකටවත් එන්න පුළුවන් වෙලා නෑ.කොහොමින් කොහොමහරි බංගලාදේශ කණ්ඩායම විටින් විට දක්ෂතා අතරට එන්නේ පෙරළිකාර ලෙස තරගාවලිය ජයග්‍රහණ ලබා ගනිමින්.ඉතින් වර්තමානයේ නම් ඔවුන්ගේ ප්‍රධානම ප්‍රතිවාදීන් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම.ඒකට හේතු ඔයාලා ක්‍රිකට් රසිකයන් විදියට දන්නවා ඇතිනේ.හරි මම අද ලියන්න ආවෙ ඒක ගැන නෙවෙයි.බංගලාදේශය මේ දවස්වල ක්‍රිකට් වලින් වැටිලා තියෙන ආගාධය ගැන.

බංගලාදේශ කණ්ඩායමට දැවැන්ත සහ අවමන් සහගත පරාජයක් ලැබුවෙ ඉන්දියාව සමග ටෙස්ට් තරගාවලියේදීයි.එහිදී තරග වලට වර්ෂාවෙන් බාධා වුණත් ඉන්දියා කණ්ඩායම දවස් තුනක් පමණක් වැය කරමින් තරඟය ජයගත්තේ වර්ෂාවෙන් වූ පාඩුව කිසිසේත්ම නොසලකා හරිමින්.ඒ අනුව ටෙස්ට් තරඟ වගේම විස්සයි විස්ස තරඟ සියල්ලත් බංගලාදේශ කණ්ඩායමට ඉන්දියාව හමුවේ පරාජය වීමට සිදුවුණේ ඉතාමත්ම අවාසනාවන්ත ආකාරයටයි.ඉන්පසුව ඔවුන්ට තිබුණේ දකුණු අප්‍රිකා කණ්ඩායම සමග ටෙස්ට් තරගාවලියයි.ඒ තරගාවලිය වෙනකොට හිටපු පුහුණුකරුත් හතුරුසින්හ කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබූ අතර නමුත් එම තරඟාවලියේදිත් ඔවුන්ට සිදුවූයේ අවාසනාවන්ත ලෙස පරාජයට පත්වීමටයි.ඉතින් ඉන් පසුව තිබුණෙ ඔවුන්ට ඇෆ්ගනිස්තැන කණ්ඩායම සමග එක්දින තරගාවලියක්.එම තරඟාවලියෙනුත් ඔවුන්ට 2-1 ලෙස පරාජයට ලක් වෙන්න සිදුවුණේ ඔවුන්ගේ ක්‍රිකට් අවධානම තව තවත් වැඩි කරමින්.ඒ අනුව මේ වන විට බංග්ලාදේශ කණ්ඩායම ක්‍රිකට්වලින් දැඩි පසුබෑමකට ලක් වෙලා තියෙන්නේ මේ වකවානුවේ තමන් සහභාගි වූ තරගාවලිය සියල්ල පරාජය වීමත් සමඟයි.

Comments

Sort byBest