මම ටීචින් ආපු දවසෙ ඉදන් මගේ විෂයට අමතරව චූටි දඟමල්ලො ටිකකට මම ගණන් උගන්නනවා. දැන් එයාලා 8 වසරෙන් 9 වසරට යන්න ඉන්නෙ. ගණන් හදන්න කැමති කරවගන්න මගේ මේ බබාලට, ලකුණු ගන්න විදියට මම චූටි චූටි තෑගි දීලත් බැලුවා. පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරත්, 65ට වඩා කොල්ලො ටික ලකුණු ගන්නෙ කලාතුරකින්. මම දුන්නෙ කවකටු පෙට්ටි, කතන්දර පොත්, හයිලයිට් පෙන් වගේ දේවල්. දුවලා ටික තෑග්ග ගන්න ආසාවෙන් බලන් ඉන්නවා. ඒකටත් එක්ක කොල්ලො ටික. ගණන් හදන්න දක්ෂ උනාට විභහගෙට ලකුණු ගන්න එච්චර උවමනාවක් නැහැ.😏
අන්තිමට කොල්ලො ටික එකඟතාවෙකට ආවා. ඊලඟ පාර ටෙනිස් බෝලයක්වත් දෙනවනම් ලකුණු ගන්නවා කියලා. මමත් එකඟ උනා. ( වෙන කරන්න දේකුත් නැහැනෙ) ඒ ක්‍රමේ සාර්ථකයි!😍
මේ දඟමල්ලො ටිකගෙ ඇගේ දුවන්නෙ ගණන් වලට වඩා ක්‍රිකට්.🤷♀️ 3 දෙනෙක්ම ටෙනිස් බෝල තුනක් දිනාගත්තා. දැන් ප්‍රශ්නෙ බැට් එක.
+'ටීචර් මොකද කියන්නෙ අපි 75ට වැඩියෙන් මේ පාර ගත්තොත් බැට් එකක් අරං දෙනවනද? '
-'හැබැයි ඉතිං 5 දෙනෙක්වත් 75ට වැඩියෙන් ගන්න ඕන. නැතුව මම අරං දෙන්නෙ නැහැ' (පිරිමි ලමයි 11යි ඉන්නෙ)
මටත් දැන් හරි සතුටුයි. මම දන්නවනෙ දැන් ලකුණු වැඩි කරගන්න මන්තරේ. නිවාඩු මාසෙ ඉවර වෙලා සතුටින් මම අන්තිම වාරෙ විභහගෙ ලන්වෙලා පන්තියට යනකොට ලමයි ටික ක්‍රිකට් ගගහ ඉන්නවා.
++ 'නැහැ නැහැ බන් අපි විකට් පොලු 3ක් ඉල්ල ගමු'
'අඩෙ ඔව්මයි. එතකොට ඔක්කොම තියනවනෙ'
'ටීචර් 75ට වඩා කොල්ලො 5ක්වත් ගත්තොත් විකට් පොලු තුනක් අරං දෙනවනද අපිට'
ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි, මස්පන්න කදු යායයි, උමා ඔයයි නිහඩව බලා සිටිනවා. කොල්ලො ඔක්කොම 40ට වැඩියි. 8 දෙනෙක් 75ට වැඩියි. එක්කෙනෙක් 99%යි.
දැන් හොයපන්කො විකට් පොලු 6ක්!