New to Nutbox?

Unforgettable Love

4 comments

ayesha98
57
last monthSteemit3 min read

Screenshot_20240327_100953_YouTube.jpg

source
ඉතිං කොහොමද ලමයි. අද මම කියන්න යන්නෙ මෙි දවස්වල මම පිස්සුවෙන් වගෙ බලන ලස්සන drama එකක් ගැන.

මම මේක බලන්න ගත්තෙ korean Drama Pisso කියන Youtube Channel එකෙන්. සිංහල subtitles එක්ක මේ කතාව බලන්න පුළුවන්. මේ කතාව විතරක් නෙවෙයි තව කතා ගොඩක් තියෙනවා. ඒත් මම මුලින්ම බලන්න ගත්තෙ මේ කතාව.

Screenshot_20240327_101008_YouTube.jpg

source
මේ කතාව මුලින් ම පටන් ගන්නෙ පුංචි පිරිමි ළමයෙක් මුල් කර ගෙන. එයාගෙ අම්ම නම් නෑ . ඉන්නෙ තාත්තා විතරයි. පුංචි කාලෙ සිද්ධ වෙලා තියෙන accident එකක් නිසා මේ පුංචි පිරිමි ලමයට කතා කරන්නත් බෑ. ඒ වගේම එයා තාත්තයි, තාත්තගෙ හොඳම යාළුවයි ඇරෙන්න වෙන කිසිම කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න කැමතිත් නෑ. මෙි පිරිමි ලමයගෙ තාත්තා ලොකු businessman කෙනෙක්. ඒ වගේම ගොඩක් බුද්ධිමත් කෙනෙක්. එයා තමන්ගෙ පුතා ගැන හරිම සැලකිලිමත්.

ඉතිං මේ පුංචි පිරිමි ලමයට පෞද්ගලික වෛද්‍යවරයෙක් පවා ඉන්නවා. හැබැයි මේ ළමයා ඒ කිසිම doctor කෙනෙක්ට කැමති නැති නිසා doctor කියන විදියට ඉන්නෙ නම් නෑ. මේ නිසා මේ ලමයගේ තාත්තට හැමදාම ⁣වෛද්‍යවරු තෝරන්න වෙනවා.

ඉතිං මෙහෙම ඉන්න අතරෙ එක දවසක් මේ පුංචි පිරිමි ලමය යනවා එයාගෙ තාත්තා එක්ක පොඩි ගමනක්. ඒ ගමනෙදි මේ ලමයට පොඩි අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා. එතනදි මේ ලමයගෙ උදව්වට එනවා තරුණ ලස්සන ගෑණු ළමයෙක්. ඊට පස්සේ කවදාවත් නැතුව මේ පුංචි පිරිමි ලමය මේ ගෑණු කෙනා කියන දේ අහල එයා කියන විදියට වැඩ කරනවා. ඉතිං හැමෝටම පුදුමයි කවුරැත්ම කියන දේ අහන්නෙ නැති මේ පුංචි පිරිමි ලමයා මේ ගෑණු ලමය කියන දේ අහපු එක ගැන.

මේ තරුණ ගෑණු ලමය doctor කෙනෙක්. ටිකක් විතර පිස්සු නටන හැබැයි තමන්ගෙ වෘත්තිය හොදටමකරන කෙනෙක්. විශේෂත්වය වෙන්නෙ මේ ගෑණු ලමයා ළමයින් සම්බන්ධව ඉන්න doctor කෙනෙක්.

ඉතිං කොහොම හරි දවස් ගෙවිල යද්දි අර පුංචි ලමය දවසක් hospital එකට ගියපු වෙලාවක දකිනව එයාට උදව් කරපු කෙනා එතන ඉන්නවා. එයාට තේරෙනවා ඒ කෙනා doctor කෙනෙක් කියලා. ඉතිං මේ පුංචි පිරිමි ලමය එයාගෙ තාත්තගෙන් අර ගෑණු කෙනාව ඉල්ලනව එයාගෙ doctor විදියට. මේ පුංචි පිරිමි ලමයා එයාට කියන්න ඕන දේවල් එයා ගාව තියෙන board එකක ලියල තමයි අනිත් අයට කියන්නෙ. එහෙමත් නැත්නම් එයා ගාව තියෙනවා sorry, thank you වගෙ දේවල් ලියපු කාඩ් සෙට් එකක්. ඉතිං අවශ්‍ය වුණාම එයින් කාඩ් එකක් පෙන්නල තමයි එයාට ඕන දේවල් එයා අනිත් අයට කියන්නෙ.

මුලදි තාත්ත කැමති වෙන්නෙ නෑ ඒ කෙනාව තෝර ගන්න doctor විදියට. ඒත් මේ පුංචි පිරිමි ලමයා කැමති එයාට විතරක් නිසා තාත්තට සිද්ද වෙනවා එයාව තෝර ගන්න.

මම මේ කතාව කියන්නෙ ගොඩක්ම කෙටි කරලනෙ. ඒත් තව ගොඩක් සිද්ධි තියෙනව මේ කතාව ඇතුලෙ. තව චරිත ගොඩක් තියෙනවා. ඇත්තටම හරිම ආසාවෙන් බලන්න පුළුවන් කතාවක් ඒක.

ආයෙත් ආවා කතාවට. ඉතිං agreement එකක් එහෙම sign කරල තමයි මේ ගෑණු ලමය වැඩ පටන් ගන්නෙ. මුලදි එයත් වැඩිය කැමති වුණේ නෑ. ඒත් පස්සෙ මේ පුංචි පිරිමි ලමයා ගැන හිතල කැමති වුණා. හරිම ලස්සන සිදුවීම් තමයි ඉතිං ඊට පස්සෙ සිද්ධ වෙන්නෙ.

කාලයක් යද්දි මේ පුංචි පිරිමි ලමයට ටික ටික සනීප වෙන්නත් ගන්නවා. වචනයක් දෙකක් කතා කරන්නත් පුළුවන් වෙනවා. ඒ අතරෙ මේ doctor අතරෙයි, තාත්ත අතරෙයි ආදරයකුත් ඇති වෙනවා. ඒකට මේ පුංචි පිරිමි ලමයා හරිම කැමතියි. එයාට ඕන doctor එයාගෙ අම්ම විදියට හැමදාම ළඟින් තියා ගන්න. මුල ඉදන්ම එයා doctor කතා කලෙත් අම්ම කියල තමයි.

ඉතිං කොහොම හරි එක එක ප්‍රශ්නත් එනව මේ දෙන්නට. ඒවත් එක්කම මේ දෙන්න ආදරෙත් කරවා. පස්සෙ මේ දෙන්න එකතු වෙනවා. ඒ වෙද්දි පුංචි පිරිමි ලමයට හොඳම කතා කරන්නත් පුළුවන්. ඉතිං එයාල හරිම සතුටින් ඉන්නෙ.

අනිත් දේ තමයි මේ පුංචි පිරිමි ලමයගෙ තාත්ත විදියට හිටියට ඒ එයාගෙ ඇත්තම තාත්ත නෙමෙයි. ඒ එයාගෙ බාප්පා. හැබැයි කාටවත්ම නොකියා එයා තමන්ගෙ පුතා විදියටම ආරක්ෂා කරනවා. තමන්ගෙ අයියයි, නෑණයි accident එකකින් නැති වුණාට පස්සෙ එයා තමන්ගෙ දරුවෙක් කියල හැමෝටම කියල මේ පුංචි පිරිමි ලමයව බලා ගන්නවා.

ඉතිං ඔන්න ඕක තමයි කතාව. මේ කතාව ගොඩක්ම අඩුවෙන් තමයි මම කිව්වෙ. ඉතිං ඔයාලත් වෙලාවක් තිබුණොත් බලන්න⁣කො. හරිම ලස්සන කතාවක්.

Comments

Sort byBest