මනසින් නිදහස් වෙමු…

ayesha98 -


source

ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.අද ලියන්න යන්නේ අපේ ජීවිත වලට වටිනවයි කියල හිතෙන මාතෘකාවක් ගැන.ඇත්තටම මේක මම ටික කාලෙකට කලින් දැකපු වීඩියෝ එකක් සම්බන්ධ මාතෘකාවක්.මේ වීඩියෝ එකේදි ළමයෙක්ගෙන් අහනවා සිදුහත් කුමාරයා ඉපදුන ස්ථානය ගැන.ඉතින් කොහොම හරි ඒ ළමයාට ඒක මතක නැහැ ඒක නිසා මේ ළමයව සෑහෙන්න විදිහට අපහසුතාවයට ලක් කරනවා.ඇත්තටම ළමයි ඒ දේවල් මතක තියාගන්න ඕනද?? මෙන්න මෙතන පොඩි අවුලක් තියෙනවා.මේ දේවල් ඉතිහාසයේ රජවරුන් ගැන, එහෙම අපිට විභාග තියලා කටපාඩං කරවන්න තරම් වැදගත්කමක් තියෙනවද කියල පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මේ දේවල් නිසාම ළමයින්ට තනියම දෙයක් හිතලා කරන්න ඔවුන්ට තියෙන මානසික නිදහස නිකම්ම නැතිවෙලාා යනවා.මේක ගැන ලස්සන ආටිකල් එකක් ධනුෂ්ක කාංචන ජයවීර ඔහුගේ මුහුණු පොතේ ගිණුමේ සඳහන් කරලා තිබුණා…


එක පාරක් ( මට මතක විදිහට ) ඇල්බට් අයින්ස්ටයින්ගෙන් කෙනෙක් අහනවා ආලෝකයේ වේගය කීයද කියලා.. අයින්ස්ටයින් කියනවා මට මතක නෑ කියලා.. ප්‍රශ්නෙ අහපු කෙනා පුදුම වෙලා

"ඔබ ඔය තරම් බුද්ධිමත් අයින්ස්ටයින් වෙලාත් ආලෝකයේ වේගය කොච්චරද කියලා මතක නෑනේ.. "

කියලා කියනවා.. ඒකට පිලිතුරු විදිහට අයින්ස්ටයින් කියනවා

"පොතකින් හොයාගන්න පුලුවන් දෙයක් මතක තියාගෙන ඉන්න මගේ මොලේ ඉඩ මම වෙන් කරන්නෙ නෑ.. මම මගේ මොලේ ඉඩ වෙන් කරන්නෙ අලුතෙන් දේවල් හිතන්න.. අලුතෙන් දෙයක් නිර්මාණය කරන්න ඕනෙ දේවල් ගොඩනගාගන්න "

කියලා..

ඒක නිසා මම හිතන්නෙ සිද්ධාර්ථ ඉපදුනේ කොහෙද කියන එක ළමයෙක් මතක තියාගන්න ඕන නෑ .. ඒවා පොතකින් හොයාගන්න පුලුවන් ඕනෙ නම්...ලමයින්ගෙ මනස ඉතිහාසයයි ආගමික කතායි පුරවලා උන්ගෙ හිතන්න තියන මනස විනාස කරන්නෙ නැතුව ඒ මනස නිදහසේ හිස්ව තියෙන්න ඇරියානම් තමා හිතලා දෙයක් කරන්ඩ පුලුවන් දක්ශයො බුද්ධිමතුන් බිහි වෙන්නෙ හෙට දවසට..